Wawanna | Watawala

"Discover the Remarkable Teas benefits: Enhancing Mood, Reducing Stress, and Cultivating Well-Being"

Watawala
රට පුරා පැළකරන අදහසක් යන තේමාව පෙරදැරිව වටවල වෙතින් දියත් කළ ‘වවන්න’ ‌ගෙවතු වගා සංකල්පය දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මකයි. අනාගත ආහාර අර්බුදයට පිළියමක් ලෙස හැකි සෑම බිම්කඩකම භෝග වගා කරමින් ආහාර සුරක්ෂිතතාව සලසා ගැනීම වටවල ‘වවන්න’ වැඩසටහනේ අරමුණ වී ඇත.
Watawala
ගෙවතු වගා අත්වැල
ගෙවතු වගාව පිළිබඳ මූලික කරුණු පහසුවෙන් ‌ඉගෙන ගන්න. අපගේ ගෙවතු වගා අත්වැල පහතින් බාගත කරගන්න.
අප ලැබූ සාඩම්බරවත්වත් වටිනාකම්
35
පාසැල් වැඩමුළු ගණන
6524
සහභාගී වූ පාසැල් සිසුන් ගණන
76,445
බෙදා දුන් බීජ පැකට් ගණන
අභිප්‍රේරණ
‘වවන්න’ සමඟ මුළු රටටම එකම අරමුණක්
අනාගත ආහාර අර්බුදයට හොඳ පෙර සූදානමක් ඇති කරගැනීමටත්, ඒ වෙනුවෙන් මනා පූර්වාදර්ශයක් රටට දායාද කරන්නටත් වටවල ‘වවන්න’ ගෙවතු වගා වැඩසටහන සමඟින් බොහෝමයක් දෙනා අත්වැල් බැඳගෙන සිටියි. මේ වන විට බොහෝ දෙනෙකුගේ එදිනෙදා ජීවන චර්යාවේ අංගයක් බවට ගෙවතු වගාව පත් කරන්නට ලැබීම අප ලැබූ ජයග්‍රහණයකි.
ගෙවතු වගාවෙන් ලැබෙන ප්‍රතිලාභ
Watawala
ආහාර සුරක්ෂිතතාව
එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භෝග තමන් විසින්ම වගා කරගැනීම තුළින් පවුලේ පෝෂණ අවශ්‍යතාවන් මෙන්ම ආහාර සුරක්ෂිතතාව ද සලසා ගැනීමට හැකි වේ.
Watawala
වසවිස නැති නැවුම් ආහාර
ගෙවත්තේ වගා කරන භෝග 100%ක් නැවුම් බවින් යුතුව නෙළා ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව වසවිසෙන් තොර සුපිරිසිදු අස්වැන්නක් ද මෙතුළින් ලබා ගත හැකිය.
Watawala
නිරෝගිමත් බව
ගෙවතු වගා කටයුතුවල නියැලීමෙන් හොඳ ව්‍යායාමයක් සිරුරට ලැබෙන අතරම සුපිරිසිදු ආහාර පරිභෝජනය නිසා වඩා නිරෝගිමත් ජීවන රටාවක් ද හිමි වේ.
Watawala
මුදල් ඉතිරි කරයි
නැවුම් එළවළු පලතුරු ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකිවන නිසා ආහාර සඳහා වැයවන මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව උදා වේ.
Watawala
සිරුරට ව්‍යායාම
දිනකට පැය කිහිපයක් ගෙවතු වගා කටයුතුවල නිරත වීම සිරුරේ අනවශ්‍ය කැලරි දහනයට උපකාරී වන නිසා මනා ශාරීරික යෝග්‍යතාවක් ලබා ගැනීමට ද ගෙවතු වගාව හේතු වේ.
Watawala
බලශක්තිය ඉතිරි කරයි
බිම් මට්ටමේ ගෙවතු වගා කටයුතු වැඩි වැඩියෙන් දිරිමත් කිරීම හරහා මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය සඳහා වැය වන දැවැන්ත බලශක්තියක් ඉතිරි කරගැනීමට ද අවස්ථාව උදා වේ.
Watawala
ආත්ම තෘප්තිය
ගෙවතු වගාව කායික මෙන්ම මානසික සුවතාව සඳහා ද හොඳ ක්‍රියාකාරකමකි. තමන්ගේ දෑතින්ම වගා කළ භෝග පළදරනු දැකීම හා ඒවා පරිභෝජනය කිරීම ඉහළ ආත්ම තෘප්තියක් ලැබීමට හේතු වන්නකි.
Watawala
‘වවන්න’ දිනන්න
වටවල ‘වවන්න’ වැඩසටහන මඟින් සාර්ථක ගෙවතු වගාවන් තෝරා ජයග්‍රාහකයන් වෙත වටිනා බීජ වර්ග පිරිනැමීමක් ද සිදු කෙරෙන බැවින් ගෙවතු වගාවෙන් ලැබෙන ප්‍රතිලාභයන්ට අමතරව ඔබේ ගෙවතු වගා කටයුතු තවත් වර්ධනය කර ගැනීමට ද අවස්ථාව උදා වේ.
වැඩමුළු සියල්ල
අප විසින් දියත් කළ පාසැල් වැඩමුළු
රට පුරා පැළ කරන අදහසක් තේමාව යටතේ ක්‍රියාත්මක ‘වවන්න’ වැඩසටහනේ එක් පියවරක් ලෙස තෝරාගත් පාසැල්වල ආරම්භ කරන වගා ව්‍යාපෘති මාස 3ක කාලයක් පුරා අධීක්ෂණයට ලක් කෙරෙන අතර මෙම වගා බිම්වලින් ලබා ගන්නා අස්වනු වටවල සමාගම විසින් මිලදී ගෙන ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත නොමිලේ බෙදා දීමද සිදු කරනු ලබයි.
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
විශේෂාංග
ඔබේ ගෙවතු වගාවට උපදෙස් සහ අදහස්
ගැලරිය
‘වවන්න’ ව්‍යාපෘතියේ පින්තූර ගැලරිය
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
Watawala
තරඟාවලියට ඇතුළත් වන්න
ඔබේ ගෙවත්තේ ඡායාරූප අපට එවා තෑගි දිනන්න
ඔබේ නම*
ඔබේ ඊමේල් ලිපිනය *
ඔබේ ලිපිනය *
ඔබේ දුරකතන අංකය
ඔබේ ගෙවතු වගාවේ පෙර සහ පසු තත්ත්වයන් දැක්වෙන ඡායාරූප මෙතැනින් අමුණන්න
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld