"Discover the Remarkable Teas benefits: Enhancing Mood, Reducing Stress, and Cultivating Well-Being"
රට පුරා පැළකරන අදහසක් යන තේමාව පෙරදැරිව වටවල වෙතින් දියත් කළ ‘වවන්න’ ගෙවතු වගා සංකල්පය දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මකයි. අනාගත ආහාර අර්බුදයට පිළියමක් ලෙස හැකි සෑම බිම්කඩකම භෝග වගා කරමින් ආහාර සුරක්ෂිතතාව සලසා ගැනීම වටවල ‘වවන්න’ වැඩසටහනේ අරමුණ වී ඇත.
අප ලැබූ සාඩම්බරවත්වත් වටිනාකම්
35
පාසැල් වැඩමුළු ගණන
6524
සහභාගී වූ පාසැල් සිසුන් ගණන
76,445
බෙදා දුන් බීජ පැකට් ගණන
අභිප්‍රේරණ
‘වවන්න’ සමඟ මුළු රටටම එකම අරමුණක්
අනාගත ආහාර අර්බුදයට හොඳ පෙර සූදානමක් ඇති කරගැනීමටත්, ඒ වෙනුවෙන් මනා පූර්වාදර්ශයක් රටට දායාද කරන්නටත් වටවල ‘වවන්න’ ගෙවතු වගා වැඩසටහන සමඟින් බොහෝමයක් දෙනා අත්වැල් බැඳගෙන සිටියි. මේ වන විට බොහෝ දෙනෙකුගේ එදිනෙදා ජීවන චර්යාවේ අංගයක් බවට ගෙවතු වගාව පත් කරන්නට ලැබීම අප ලැබූ ජයග්‍රහණයකි.
ගෙවතු වගාවෙන් ලැබෙන ප්‍රතිලාභ
ආහාර සුරක්ෂිතතාව
එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භෝග තමන් විසින්ම වගා කරගැනීම තුළින් පවුලේ පෝෂණ අවශ්‍යතාවන් මෙන්ම ආහාර සුරක්ෂිතතාව ද සලසා ගැනීමට හැකි වේ.
වසවිස නැති නැවුම් ආහාර
ගෙවත්තේ වගා කරන භෝග 100%ක් නැවුම් බවින් යුතුව නෙළා ගැනීමට අවස්ථාව ලැබෙනවා පමණක් නොව වසවිසෙන් තොර සුපිරිසිදු අස්වැන්නක් ද මෙතුළින් ලබා ගත හැකිය.
නිරෝගිමත් බව
ගෙවතු වගා කටයුතුවල නියැලීමෙන් හොඳ ව්‍යායාමයක් සිරුරට ලැබෙන අතරම සුපිරිසිදු ආහාර පරිභෝජනය නිසා වඩා නිරෝගිමත් ජීවන රටාවක් ද හිමි වේ.
මුදල් ඉතිරි කරයි
නැවුම් එළවළු පලතුරු ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකිවන නිසා ආහාර සඳහා වැයවන මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව උදා වේ.
සිරුරට ව්‍යායාම
දිනකට පැය කිහිපයක් ගෙවතු වගා කටයුතුවල නිරත වීම සිරුරේ අනවශ්‍ය කැලරි දහනයට උපකාරී වන නිසා මනා ශාරීරික යෝග්‍යතාවක් ලබා ගැනීමට ද ගෙවතු වගාව හේතු වේ.
බලශක්තිය ඉතිරි කරයි
බිම් මට්ටමේ ගෙවතු වගා කටයුතු වැඩි වැඩියෙන් දිරිමත් කිරීම හරහා මහා පරිමාණයෙන් ආහාර නිෂ්පාදනය සඳහා වැය වන දැවැන්ත බලශක්තියක් ඉතිරි කරගැනීමට ද අවස්ථාව උදා වේ.
ආත්ම තෘප්තිය
ගෙවතු වගාව කායික මෙන්ම මානසික සුවතාව සඳහා ද හොඳ ක්‍රියාකාරකමකි. තමන්ගේ දෑතින්ම වගා කළ භෝග පළදරනු දැකීම හා ඒවා පරිභෝජනය කිරීම ඉහළ ආත්ම තෘප්තියක් ලැබීමට හේතු වන්නකි.
‘වවන්න’ දිනන්න
වටවල ‘වවන්න’ වැඩසටහන මඟින් සාර්ථක ගෙවතු වගාවන් තෝරා ජයග්‍රාහකයන් වෙත වටිනා බීජ වර්ග පිරිනැමීමක් ද සිදු කෙරෙන බැවින් ගෙවතු වගාවෙන් ලැබෙන ප්‍රතිලාභයන්ට අමතරව ඔබේ ගෙවතු වගා කටයුතු තවත් වර්ධනය කර ගැනීමට ද අවස්ථාව උදා වේ.
වැඩමුළු සියල්ල
අප විසින් දියත් කළ පාසැල් වැඩමුළු
රට පුරා පැළ කරන අදහසක් තේමාව යටතේ ක්‍රියාත්මක ‘වවන්න’ වැඩසටහනේ එක් පියවරක් ලෙස තෝරාගත් පාසැල්වල ආරම්භ කරන වගා ව්‍යාපෘති මාස 3ක කාලයක් පුරා අධීක්ෂණයට ලක් කෙරෙන අතර මෙම වගා බිම්වලින් ලබා ගන්නා අස්වනු වටවල සමාගම විසින් මිලදී ගෙන ප් රදේශයේ දිළිඳු පවුල් වෙත නොමිලේ බෙදා දීමද සිදු කරනු ලබයි.
විශේෂාංග
ඔබේ ගෙවතු වගාවට උපදෙස් සහ අදහස්
ගැලරිය
‘වවන්න’ ව්‍යාපෘතියේ පින්තූර ගැලරිය
තරඟාවලියට ඇතුළත් වන්න
ඔබේ ගෙවත්තේ ඡායාරූප අපට එවා තෑගි දිනන්න