Blog | Watawala

"Indulge in Tea Nirvana: Immerse Yourself in Exquisite Delights at Our Enchanting Tea Shops"

ඉවතලන ප්ලාස්ටික් සඳහා ස්මාර්ට් විසඳුමක්
November 11,2022
එදිනෙදා ජීවිතයේ ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරගැනීමට අප කටයුතු කළ අතරම භාවිතයෙන් ඉවත් කරන ප්ලාස්ටික් ස්මාර්ට් අයුරින් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමටත් උනන්දු වීම වැදගත්. නිවසේ ඉවත දමන අයිස්ක්‍රීම්, යෝගට් ප්ලාස්ටික් බඳුන් තිබේ නම් ඒවා පරිසරයට එකතු නොකර ඔබේ ගෙවතු වගා කටයුතු සඳහා යොදා ගැනීම ඉතා හොඳ පුරුද්දක්. පළමුවෙන්ම හොඳින් පිරිසිදු කරගත් මෙම බඳුන්වල අඩියේ තරමක ලොකු සිදුරක් කපා වැඩි ජලය පිටතට එන සේ සකස් කළ යුතු වෙනවා. හිරු එළිය වැටෙන ආකාරය අනුව ස්ථානය වෙනස් කිරීමට හැකි වීමත්, ජලය යෙදීමේ පහසුවත් නිසා මෙවැනි බඳුන්වල වගා කිරීම ඔබේ කටයුතුවල අමතර පහසුවක් සලසනවා.
ගෙවත්තෙන්ම කොම්පෝස්ට් හදාගමු
September 13,2022
ගෙදරදොරේ ඉවතලන ආහාර කොටස්, අපද්‍රව්‍ය හා ඉඳුල් වැනි දෑ බැහැර කළ හැකි සුදුසු ක්‍රමයක් නොමැති වීම අප බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක්. නමුත් මේ ගැටලුවට මනා විසඳුමක් ලබා දෙන අතරම ඔබේ ගෙවතු වගාවට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිවසේදීම සාදා ගැනීමටත් හැකි ඵලදායී ක්‍රමවේදයක් මේ තුළින් ඔබටම අත්හදා බැලීමට පුළුවන්.මෙය පොළොව මට්ටමේ සිට අඩි කිහිපයක් යටට හාරන වලක් ලෙස හෝ ලී දඬු යොදා වට කොට සාදා ගන්නා කොටුවක ආකාරයෙන් වුවත් කොම්පෝස්ට් ඒකකය සකසා ගන්න පුළුවන්. එසේත් නැතිනම් වෙළඳපොළෙන් ලබා ගත හැකි කොන්ක්‍රීට් බැරල් එකක් වුවත් භාවිතා කළ හැකියි.නිවසේ පරිභෝජනයෙන් ඉවතලන එළවළු, පළතුරු හා ඉඳුල් වැනි දෑ කොම්පෝස්ට් වල තුළ ඇතුරු
ගොළුබෙලි හානියෙන් මිදෙන්න
September 12,2022
ගෙවතු වගාවක් ආරම්භ කිරීමෙන් පසු ඊට හානි කරන කෘමි සතුන් මෙන්ම ගොළුබෙල්ලන් වැනි සතුන් ද බොහෝ ප්‍රමාණයක් ගෙවත්ත ආශ්‍රිතව බෝ වීම සුලබ දෙයක්. එය සොබාදහමේ පැවැත්මට අදාළ නිත්‍ය කොටසක් නිසා ඔබ ඊට අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. නමුත් මෙම සතුන්ගෙන් භෝගවලට සිදුවන හානිය අවම කරගැනීමට විවිධ උපක්‍රම භාවිත කිරීමට ඔබට පුළුවන්.එසේ නමුත් මෙම සතුන් මුළුමනින්ම වඳ කර දැමීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය ඔබේ භෝගවලට වගේම ඔබටත් අහිතකරයි. ඒ නිසා අනවශ්‍ය හිංසක ක්‍රියාවන්වල නොයෙදී ඔබේ භෝග ආරක්ෂා කර ගැනීමට සුදුසු උපක්‍රම තෝරා ගැනීම ඔබේ වගාවට මෙන්ම ඔබේ ගුණාත්මක සිතුවිලිවලටත් සැනසිල්ලක් ලබා දෙනවා.ගොළුබෙල්ලන් වැනි සතුන්
වගා හානි කරන කෘමි සතුන් මෙල්ල කරමු
September 11,2022
භෝග වගාවක් ආරම්භ කළ සැණින් ක්ෂේත්‍රය ආශ්‍රිතව කෘමි ගහණය ඉහළ යාමක් ඔබට නිරීක්ෂණය කළ හැකියි. නමුත් මේ සතුන් මුළුමනින්ම වඳ කර දැමීම සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම නම් කිසිසේත්ම නොකළ යුතුයි. කෘමි සතුන් කියන්නෙත් පරිසරයේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සොබාදහම විසින්ම ලබා දුන් දෙයක් ලෙස සැලකීම යහපත් ගොවියෙකු විසින් අවබෝධ කරගත යුතු දෙයක්.නමුත් භෝගවලට දැඩිව හානි වීම වළක්වා ගැනීමට විවිධ උපාය උපක්‍රම ඔබට අත්හදා බැලීමට පුළුවන්. මේ සඳහා නිතරම කාබනික ක්‍රම භාවිතා කිරීම වැදගත් බවත් සිහියේ තබා ගන්න. මේ නිසා කෘමි සතුන් පාලනයට ඔබ ගන්නා පියවර 100%ක් පරිසර හිතකාමී වීම අවශ්‍යයි.ක්ෂේත්‍රය නිරන්තරයෙන් (සතියකට දෙවරක
ගෙවත්තකට නැතුව බැරි ඔසු පැළ
September 11,2022
ගෙවතු වගාවේ නිරත වීම ඔබට කායික මෙන්ම මානසික සුව සහනය සැලසීමටත් උපකාරී වෙනවා. ඔබේ ගෙවත්තේ එළවළු හා පළතුරු භෝග පමණක් නොව එදිනෙදා අවශ්‍යවන ඖෂධ වර්ග ද වගා කිරීමෙන් පරිපූර්ණ ගෙවත්තකට හිමිකම් කීමට ඔබට අවකාශ ලැබෙනවා. කෝමාරිකා, කහ, කටුවැල් බටු, නෙල්ලි, කොහොඹ, ගොටුකොළ, හාතවාරිය, පොල්පලා, කරපිංචා වැනි ශාක හෙළ වෙදකමේ බහුලව භාවිතා වන ඖෂධ ලෙස සැලකෙනවා. ඔබ ජීවත් වන ප්‍රදේශයේ කාලගුණික, දේශගුණික සාධකවලට ගැළපෙන ඖෂධ වර්ග තෝරාගැනීමට මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතුයි.කැඳ සඳහා සුදුසු හාතවාරිය, ඉරමුසු, පොල්පලා, රණවරා, ගොටුකොළ, කරපිංචා වැනි භෝග වගා කිරීමෙන් උදෑසන ආහාරයට ප්‍රණීතවත් පිරිසිදු කැඳ වීදුරුවක් ද එකතු කර ගැනී
දේශගුණය ගැන හරියට දැනගෙන වගා කරන්න
September 11,2022
තමන් ජීවත්වන ප්‍රදේශයේ කාලගුණික, දේශගුණික රටාවන් පිළිබඳ හොඳ අවධානයක් තිබීම ගොවියෙකුට අත්‍යවශ්‍ය දැනුමක්. මේ නිසා ඔබේ කලාපයට වැසි ලැබෙන වකවානු, හිරු එළිය හොඳින් ලැබෙන වකවානු වගේම සුළං තත්ත්වයන් ඇතිවන කාල සමයන් ගැනත් විමසිලිමත් වීම සාර්ථක ගෙවතු වගාවකට මඟ පාදනවා.මේ සඳහා මුලින්ම ඔබ විසින් කළ යුතු දෙය වන්නේ ඔබේ ප්‍රදේශයට වැසි ලැබෙන කාල වකවානු නිවැරදිව දැන ගැනීමයි. ගොවි ව්‍යවහාරයේ යල, මහ ලෙස කන්න දෙකක් පිළිබඳ සඳහන් වුවත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වැසි ලැබෙන ප්‍රමාණ හා කාලයන් වෙනස් වීමට ඉඩ තිබෙනවා. නිරිතදිග මෝසම් වැසි ලැබෙන අප්‍රේල්-සැප්තැම්බර් යල කන්නය ලෙසත්, ඊසානදිග මෝසම් වැසි ලැබෙන ඔක්තෝබර්-මාර්තු මහ
වැසි සමයේ බෝග රැකගන්නේ කොහොමද?
September 11,2022
වැස්ස කියන්නෙ වගාවකට නැතිවම බැරි දෙයක් වුනත් ප්‍රමාණයට වඩා වැසි ලැබීම භෝග හානියට බලපාන ප්‍රධාන සාධකයක්. මේ නිසා වැසි සමයක භෝග ආරක්ෂා කර ගැනීම ගොවියෙකු විසින් ප්‍රගුණ කළ යුතු ශිල්පයක්. මේ සඳහා විවිධ ක්‍රම ගණනාවක්ම තිබෙනවා.තද වැසි ඍජුව නොවැටෙන භූමියක් ක්ෂේත්‍රය ලෙස සකසා ගැනීම මුලින්ම කළ යුතු දෙයක්. ඊට අමතරව ක්ෂේත්‍රෙය් ජලය බැස යාමට හොඳ කාණු පද්ධතියක් සැකසීමත් අනිවාර් යෙන්ම කළ යුතුයි. බැවුම් ඉඩමක ජලය ගලා යාම වේගවත් නිසා එය පාලනයට වැටි යෙදීම, අගල් සැකසීම වැනි ක්‍රම ද භාවිත කළ හැකියි. පාත්ති පොළව මට්ටමෙන් ඉහළට එසවීම ද වැසි සමයක භෝග රැක ගැනීම සඳහා අනුගමනය කළ හැකි පියවරක්.ඔබ කුඩා පරිමාණයෙන් භෝග වගා ක
Iced Tea recipe
September 11,2022
Delightful and cool, our iced tea makes for a refreshing beverage on a hot day. It is easy to make and can be enjoyed sweet or unsweetened.
Ginger Tea recipe
September 11,2022
Made with fresh ginger, ginger tea is both spicy and soothing. A beverage known for its calming effect, it also makes a great night cap
Masala Tea recipe
September 11,2022
Masala Tea recipe
POPULAR POSTS
FOLLOW US
Watawala
Watawala
Watawala
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld