ආරාධනා ගල
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ ඉදිරියේ ඇත්තේ මිහින්තලා පරිශ්‍රය තුල දක්නට ලැබෙන සුවිශේෂම සංකේතය වන මිස්සක පවුවයි. මෙය අපි අරාධනා ගල ලෙසද හඳුන්වනවා.
මිහිඳු මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ දූත පිරිස වන ඉට්ඨිය ,උත්තිය ,සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා සමග දඹදිව සිට අහසින් මෙහි වැඩමකරවා බිමට වැඩම කල ස්ථානය ලෙස මෙය සඳහන් වෙනවා. නමුත් මෙම පවුවට අරාධනා ගල ලෙස නම් ලැබී තිබෙන්නේ තවත් හේතුවක් නිසාවෙනුයි.
රජතුමා ඇතුළු පිරිසට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කිරීමට ප්‍රථම මිහිඳු මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව සුමන සාමණේරයන් වහන්සේ විසින් දෙවියන්ට ධර්මය ශ්‍රවණය සඳහා මේ පර්වතයේ සිට ආරාධනා කරනු ලැබූ හෙයින් එය ‘ආරාධනා ගල’ ලෙස නම් කල බව මූලාශ්‍ර වල සඳහන් වෙනවා.
Share:
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld