මිහින්තලා මහා සෑය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
මේ ඔබ ඉදිරියෙන් දිස්වෙන්නේ මිහින්තලා මහා සෑයයි. මිහින්තලා කඳු මුදුනේ පිහිටා ඇති ස්ථූපයන්ගෙන් විශාලම ස්ථූපය වන මහ සෑය, මහා ස්ථූපය, මහා දාගැබ මෙන්ම අම්බුළු චේතිය ලෙසද හඳුන්වන බව ඔබ අසා ඇති. මීටර් 41 ක පරිධියකින් සහ මීටර 14 ක උසකින් යුතු මහා සෑය, මිහිඳු සෑය ඉදිකර බොහෝ කලකට පසුව ඉදිකර ඇති බවයි විද්වත් මතය වන්නේ.
බුදුරජාණන් වහන්සේගේ ඇහිබැම අතර ප්‍රදේශයේ දක්ෂිණාවර්තව පිහිටා තිබූ හිසකෙස් ඌර්ණරෝම ධාතූන් ලෙස හඳුන්වනු ලබන අතර බුදුරජාණන් වහන්සේගේ එම ඌර්ණරෝම ධාතූන් වහන්සේ තැනපත්ව ඇත්තේ අෂ්ඨවංක මාණික්‍ය රත්නයක් තුළයි. මිහිඳු මහරහතන් වහන්සේ, ධර්මාශෝක මහරජතුමා විසින් ලබා දුන් එම මාණික්‍ය රත්නය මිහින්තලා පර්වතයේ එක් ස්ථානයක තැන්පත් කළ බව රාජරත්නාකරයේ සඳහන් වේ.
පසුකාලයේ එම ඌර්ණරෝම ධාතූන් වහන්සේ සහිත අෂ්ඨවංක මාණික්‍ය රත්නය නිදන් කරවා මෙම සෑය කරවන ලද්දේ මහාදාඨික මහානාග රජතුමායි. එතුමා මෙම සෑය ඉදිකිරීමට ගොස් කිහිප විටක්ම අසාර්ථක වී තිබෙනවා. ඊට හේතුව, ගොඩනගන ලද ගඩොල් අත්තිවාරමට සෑය රඳවාගැනීමට අපොහොසත් වීමයි. රජතුමා අවසානයේ මෙම ස්ථානයේ සිට කරන ලද සත්‍යක්‍රියාවකින් පසුව සෑය සාර්ථකව ඉදිකිරීමට හැකි වී තිබෙනවා. ප්‍රමාණයෙන් මෙය රුවන්වැලි සෑයෙන් අඩක් පමණ වන නමුත් දුෂ්කර ස්ථානයක ඉදිකිරීමට සිදු වූ නිසා ඒ සඳහා වැය වූ මුදල රුවන්වැලි සෑය ඉදිකිරීමට කළ වියදමට සමාන බව පැවසෙනවා. එම නිසාම සැදැහැවතුන් මෙම සෑය “මිහින්තලා මහා සෑය“ ලෙස හඳුන්වනු ලබනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
Map Image
17
16
05
02
04
15
09
03
07
06
10
01
08
13
11
12
14
ගෙදර ඉඳන්
මිහින්තලේ යන්න.
මිහින්තලා පුදබිමේ ඇති ඓතිහාසිකව වැදගත් ස්ථාන
මෙම සිතියමේ සළකුණු කොට ඇත. ඒ පිළිබඳ විස්තර
ඇතුලත් පසුබිම් කථනයට පහතින් පිවිසෙන්න.
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld