මිහිඳු ගුහාව
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්රවනය කරන්න
ඔබ මේ දකින මිහිඳු ගුහාවට එම නම ලැබීමට හේතුව ලෙස ජනප්රවාදයේ සඳහන් වන්නේ එය මිහිඳු මාහිමියන් වැඩ සිටි ලෙන යන විශ්වාසය නිසයි.
එම ලෙන මිහින්තලා කඳු අරණේ පිහිටි අනෙකුත් ලෙන් අතරින් වෙනස් වන සුවිශේෂ පිහිටීමකින්ද යුක්ත වෙනවා.
මෙම ලෙන සකස් වී ඇත්තේ පටු ගල් ආරුක්කුවක් ආකාරයට වන අතර, එම හැඩය නිසා එය දෙපසින්ම පරිසරයට විවෘත වී පවතිනවා. ලෙන තුළ පිහිටි ගලේ මනාව ඔප දැමූ ගල් ආසනය මිහිඳු මාහිමියන් භාවනානුයෝගීව සිටීමට සහ සයනය කිරීමට යොදාගන්නට ඇතැයි විශ්වාස කරනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට