කළුදිය පොකුණ
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
කලුදිය පොකුණට මෙම නම ලැබීමට, හේතුව පොකුණ වටා ඇති ගස්කොලන් වලින් වැටෙන සෙවනැළි නිසා පොකුණට ලැබෙන අඳුරු ස්වභාවය යැයි උපකල්පණය කිරීමට පුලුවන්. මනෝරථපූරණී අටුවාවේ මෙහෙම සඳහන් වෙනවා.සද්ධාතිස්ස රජු කාලයේ වැඩ වාසය කල - කාලබුද්ධරක්ඛිත හිමි - කළුදිය පොකුණ අසළ - කළු තිඹිරි ගසක් යට හිඳ - කළුවර පොහෝ දිනක - කාලකාරාම සූත්‍රය දේශනා කරන ලදී.
මෙහි සඳහන් වන කළුදිය පොකුණ, මිහින්තලයේ මෙම කළුදිය පොකුණ බවයි බොහෝ බෞද්ධයන් විශ්වාස කරන්නේ. පොකුණ දල වශයෙන් වර්ග මීටර 1750ක් පමණ විශාලයි. පොකුණ මැද ඇති ගල් පර්වතය මත විනයකර්ම කිරීමට යොදාගත් සීමාමාලකයකට අයත් පාදමක් පිහිටා තිබෙනවා. පොකුණ වටා ඇති භූමියේ පිහිටීම උපයෝගී කරගනිමින් උස් මට්ටම් කිහිපයක ගොඩනැඟිලි ඉදිකර තිබෙනවා. බටහිර දිශාවෙන් කුඩා ස්ථූපයකුත්, උතුරින් උලුවහු සහ ජනෙල් වලින් සමන්විත, ස්වභාවික පර්වත පියස්සක් ඇසුරෙන් සෑදූ කුටියකුත් දැකගන්නට පුලුවන්. කුටිය ඉදිරියේ පැරණි උපෝසථාගාරයකට අයත් ගල් කණු ඉතිරි වී පවතිනවා.
පොකුණ අයත් ආරාම සංකීර්ණය අනුරාධපුර යුගයේ මැද භාගයේදී නිර්මාණය වන්නට ඇති බවත්, 4 වන කාශ්‍යප රජුගේ සෙන්පතියෙකු විසින් කරවා ධර්මරුචි නිකායික භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නට ඇති බවත් විශ්වාසයක් පවතිනවා. මෙම ප්‍රදේශයම වර්ථමානය වනවිට පුරාවිද්‍යා රක්‍ෂිතයක් ලෙස නම් කර ඇති බවත් ඔබ දැනගතයුතු ම කරුණක්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට