අටසැට ලෙන්
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්රවනය කරන්න
අටසැට ලෙන් පූජා කරන ලද්දේ දේවානම් පිය තිස්ස රජු බවයි මහාවංශ කතුවරයා සඳහන් කරන්නේ. නමුත් පසුකාලීන දායකයන්ද විශාල වශයෙන් මෙම පරිශ්රයට ලෙන් පූජා කල බව කටාරම් අසල කොටා ඇති ලෙන් ලිපි මඟින් පෙනී යනවා. ලෙන් සියයකට ආසන්න ප්රමාණයක් මෙම පරිශ ්රයේ දක්නට ලැබීම එම උපකල්පනය තවදුරටත් සනාථ කරනවා. පූර්ව බ්රාහ්මීය අක්ෂර වලින් කරවන ලද මෙම ලෙන් ලිපි වසර 2300 ක් පමණ පැරණි බවයි විද්වතුන් ප්රකාශ කරන්නේ. මිහින්තලේ අරාම සංකීර්ණයෙන් දැනට හමුවී ඇති ලෙන් ලිපි ගණන 75 ක් පමණ වනවා. එයින් 58 ක්ම තිබෙන්නේ මේ අටසැට ලෙන් ආශ්රිතවයි.
පරුමක වරුන්, ගමික වරුන්, භාණ්ඩාගාරික වරුන් මෙම ලෙන් පූජා කල අය අතර විශාල වශයෙන් සිටිනවා. ඒ අතර බමුණන්ගේ නම් ද දක්නට ලැබීම විශේෂයි. අනුරාධපුර යුගයේ මුල් කාලයේ අන්යාගමිකයන් පවා බුදු දහම කෙරෙහි නැඹුරුවක් දැක්වූ වූ බව මෙමඟින් පෙනී යනවා.
අටසැට ලෙන් ආශ්රිත ලෙන් ලිපිවල නාග යන නම බොහෝ අවස්ථාවල යෙදී තිබෙනවා දැකගන්න පුළුවන්. පැරණි සිංහලෙන් නාග යන වදනින් නාගයා සේම ඇතා යන අරුතද ලබා දෙනවා. මෙම ලෙන් පූජාව සඳහා අනුග්රහ දැක්වූ දායකයන්ගේ නම් අතර උපාසිකාවන්ද විශාල ප්රමාණයක් සිටිනවා. කාන් තාවන්ටද දේපල සහ භූමිය සඳහා අයිතියක් තිබූ බවත් ඔවුන් දේශපාලනිකව මෙන්ම සාමාජීය වශයෙන් ඉතා ස්වාධීනව දිවිගෙවූ බවත් මෙමඟින් පෙනී යන කාරණයක්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට