කණ්ඨක චේතිය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ මේ දකින කණ්ඨක චෛත්‍යය නොහොත් “කටක චෙත” ලංකාවේ මුලින්ම ඉදිකල ස්තූප අතරින් එකක්. මෙහි තිබී ක්‍රිස්තු පූර්ව යුගයට අයත් ගඩොල් පවා හමුව ඇති නමුත්, දැන් දකින්න ලැබෙන්නේ ක්‍රි.ව 1 වන සියවසේ ලජ්ජතිස්ස රජු විසින් වඩා විශාල කර, පේසා වළලු වලට හුණු ගල් අල්ලා නවීකරණය කළ ලද ස්තූපයයි. ක්‍රි.පූ යුගයට අයත් ලක්‍ෂණ වන සිරිපතුල් ගල් හා ඒ අසලම ඇති බුදුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කළ සීහාසන ඔබට නිරීක්ෂණය කරන්න පුළුවනි.
ලංකාවේ විචිත්‍රතම වාහල්කඩ ලෙස සැලකෙන්නේ මේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩයි. වාහල්කඩ ලෙස ව්‍යවහාරයේ පැවතුනත් අභිලේඛණ වල මේවා දක්වා ඇත්තේ “ආයක” නැතහොත් “අයක” ලෙසයි. සාමාන්‍යයෙන් වාහල්කඩ යනු විහාරයකට හෝ ස්තූපයකට ඇතුලුවීමේ දොරටුවයි. නමුත් මෙහි වාහල්කඩ ස්තූපයේ පේසා වළලු වලටම සම්බන්ධ වූ නිර්මාණයක් බව ඔබට පෙනෙනවා ඇති.
එසේම මෙම ස්ථානයේ වැදගත්ම ලක්‍ෂණයක් වන්නේ ලංකාවේ කැටයම් හා සිතුවම් කලාව පිළිබඳ ඇති පැරණිම උදාරහණ ඔබට දකගත හැකි වීමයි. ඔබ කල්ප වෘක්ෂ කණු වල ඇති කැටයම් හොඳින් නිරීක්ෂණය කළහොත් මනුෂ්‍ය, ඇත්, අශ්ව, සිංහ හා ගව වැනි සත්ව රූප විවිධ ආකාරයෙන් දැකගැනීමට පුලුවන්.ඔබ සිටින ස්ථානයට සමීපයෙන්ම ඇති ආයකය මුහුණලා ඇත්තේ කුමන දිශාවටද යන්න හදුනා ගැනීම සඳහා ආයකය දෙපස සිටුවා ඇති කල්ප වෘක්ෂයේ මුදුන බලන්න. උතුරු දිශාවට සිංහ රූපයක් ද, නැගෙනහිර දිශාවට ඇත් රූපයක්ද, බටහිර දිශාවට අස් රූපයක්ද, දකුණු දිශාවට ගව රූපයක්ද මෙහි යොදා තිබෙනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට