සිංහ පොකුණ
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
කුඩා පරිමාණ පොකුණක් වන මෙයට ජලය ගෙන එන ලද්දේ නාග පොකුණින් බව උගතුන්ගේ පිලිගැනීමයි. පොකුණේ පසෙකින් ඇති විශාල සිංහ රුවත් සිංහ රුවක් සහිත පීල්ලත් සිංහ රූ සහිත කැටයමුත් මෙම පොකුණට සිංහ පොකුණ යන නම යෙදීමට හේතු උනා විය හැකියි. මෙම පොකුණ අවට ආවාස පරිශ්‍රයේ සිටි භික්ෂූන් වහන්සේලාගේ ස්නානය සඳහා මෙම පොකුණ භාවිත කරන්නට ඇති බව විශ්වාස කරයි.
පැත්තකින් ඇති විශාල සිංහ රූපයේ කටින් පොකුණේ අතිරික්ත ජලය පිට කරන්නට ඇති බවට සැලකෙනවා. මෙම පොකුණේ කැටයම් අතර ඇතුන්, ඇත් ගොව්වන්, මල්ලවපොර කරුවන්, නාට්‍ය කරුවන් පිලිබඳව දක්වන කැටයම් ද අඩංගු වෙනවා.
මෙය නිර්මාණය කර ඇති ආකාරය අනුව මෙම ස්ථානය කිසියම් නායක භික්ෂූන් වහන්සේ නමක් හෝ කිහිප නමකගේ ප්‍රයෝජනය සඳහා පමණක් භාවිත කලා යැයිද මතයක් පවතිනවා. පොකුණ අවට ඇති අවාස සංකීර්ණයත් සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබෙනවා. ආවාස පහක් එකතැන දක්නට ලැබෙන නිසා ඇතැම් විද්වතුන්ට අනුව මෙම සංකීර්ණය පංචාවාස පරිශ්‍රයක් බවත් පැවසෙනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
Map Image
17
16
05
02
04
15
09
03
07
06
10
01
08
13
11
12
14
ගෙදර ඉඳන්
මිහින්තලේ යන්න.
මිහින්තලා පුදබිමේ ඇති ඓතිහාසිකව වැදගත් ස්ථාන
මෙම සිතියමේ සළකුණු කොට ඇත. ඒ පිළිබඳ විස්තර
ඇතුලත් පසුබිම් කථනයට පහතින් පිවිසෙන්න.
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld