දාන ශාලාව
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ශ්‍රී ලංකාවේ දැනට මහා පරිමාණ දාන ශාලා දෙකක් හමුවෙනවා. එකක් අභයගිරි ආරාමය ආශ්‍රිතව පිහිටා ඇති දාන ශාලාව වන අතර අනෙක ඔබ ඉදිරියෙන් දිස්වන මෙම මිහින්තලේ දාන ශාලාවයි. මහාවංශයේ මෙවන් ස්ථාන භත්ත සාලා සහ භොජන සාලා ලෙස හඳුන්වන අතර අභිලේඛන වල “මහප කවට” යන නමින් හඳුන්වනු ලබනවා.
මෙම දාන ශාලාවේ මූලික අරමුණ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය ආහාර පහසුකම් දිනපතා සලසා දීමයි. ගිලන් වූ සහ පිණ්ඩපාතය වඩින භික්ෂූන් වහන්සේලා හැර ඉතිරි භික්ෂූන් වහන්සේලාට මෙම දාන ශාලාවෙන් දානය ලබාගැනීමට හැකියාව තිබුනා. ගිලන් භික්ෂූන් වහන්සේලාට වෙද නියමය අනුව පිණ්ඩපාතය ලබාගැනීමට පහසුකම් මෙතනින් සලසා දී තිබුනා.වේදිකාවක් ලෙස සකස් කර ඇති ශාලාවේ මැද කොටස සකසා ඇත්තේ තරමක් පහත් බිමක් ලෙසටයි. ශාලාවට ඇතුලු වීම සඳහා විශාල එක් දොරක් තිබෙනවා. වටේ ඇති වේදිකාමය කොටස මුලුතැන් ගෙය ලෙස භාවිතා කරන්නට ඇති බවයි විද්වත් මතය. එහිම එක් කොනක බත් ඔරු සහ ව්‍යංජන ඔරු ස්ථාන ගතකර තිබෙනවා.
ශාලාවට උවමනා ජල අවශ්‍යතාවය නාග පොකුණෙන් ලබාගන්නා ජලය මඟින් සපුරා ගන්නට ඇතැයි සැලකෙනවා. ආචාර්යරෝලන්ඩ් සිල්වා මැතිතුමා කලකට ඉහතදී කරන ලද ගණනය කිරීම් වලට අන ුව දාන ශාලාවේ බත් ඔරුව භික්ෂූන් වහන්සේලා 2500 කට පමණ දානය සැපයීමට තරම් ප්‍රමාණවත් බව සොයාගත්තා.4 වන මිහිඳු රජුගේ සෙල්ලිපිය මඟින් මෙම දාන ශාලාවේ ක්‍රියාකාරීත්වය පිලිබඳව පැහැදිලි තොරතුරු ලබාගන්න පුළුවන්. සෙල්ලිපියට අනුව දාන ශාලාව අධීක්‍ෂණයට භික්ෂූන් වහන්සේලා පිරිසකුත් දානය සැකසීම සහ බෙදා දීම සඳහා ගිහි කාර්ය මණඩලයකුත් සිටි බව සඳහන් වෙනවා. තවද දානය ලබාගත හැකි ආකාරය සහ දානය බෙදා දියයුතු ආකාරය ගැන මෙම ලිපියේ සඳහන් වෙනවා.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට