ගිරිභණ්ඩ සෑය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ මේ දකින මීටර 8ක් උස ගිරිභණ්ඩ සෑය, බොහෝ කලක් හඳුනා නොගත් නිර්නාමික ස්ථූපයක් ලෙසයි පැවතුනේ. දාගැබ නිර්මාණය කලේ කවුද යන්න තවම හඳුනාගෙන නැතත් මෙය 8 වන සියවස පමණ කාලයේදී නිර්මාණය කරන්නට ඇතැයි බොහෝ විද්වතුන් විශ්වාස කරනවා. නමුත් පසුක ාලීනව මෙයට ගිරිභණ්ඩ යන නම යෙදුවේ 4 වන මිහිඳු රජතුමාගේ පුවරු ලිපියේ එම සෑය ගැන සඳහන් කර තිබෙන නිසයි.
ගිරිභණ්ඩ සෑය විශේෂ වන එක් හේතුවක් වන්නේ එය ලංකාවේ සුරක්‍ෂිත වූ ධාතු ගර්භයක් සහිත පැරණිම ස්ථූප අතරින් එකක් නිසායි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිදු කල කැණීම් වලින් සෑය තුලින් ධාතු ගර්භ දෙකක් සොයාගන්නවා. ධාතු ගර්භ දෙකේම වස්තුව නිධන් සොරු විසින් මංකොල්ල කා තිබුනත් ගර්භයන් දෙක සාපේක්‍ෂව හොඳ මට්ටමකින් ආරක්‍ෂා වී තිබුනා. පළමු ධාතු ගර්භයේ චිත්‍ර 28කට අයත් චිත්‍ර කැබලි හමුවුනත් ඒවා හොඳ මට්ටමින් සංරක්‍ෂණය වී තිබුනේ නැහැ. එහෙත් දෙවනි ගර්භයේ චිත්‍ර හොඳින් ආරක්‍ෂා වී තිබුනා. කෙසේ වෙතත් ගිරිභන්ඩ සෑයට අයත් එම ධාතු ගර්භය මේ වන විට මෙම සෑයේ දක්නට ලැබෙන්නේ නැහැ.
එය දැනට තැන්පත් කර තිබෙන්නේ මිහින්තලේ කෞතුකාගාරය තුළයි. ඔබට සෑයක ගර්භයේ සැකැස්ම සවිස්තරාත්ම කව දැක බලාගැනීමට අවශ්‍ය නම් නොවරදවාම කෞතුකාගාරයට ගොස් ධාතු ගර්භය ගැන අධ්‍යනය කරන්න.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට