නාග පොකුණ
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ ඉදිරියෙන් මේ දිස් වන්නේ නාග පොකුණයි. දිග අඩි 36 පළල අඩි 15 පමණ වන මෙම නාග පොකුණ මුල් කාලයේදී නාග චතුශ්ක නම් ස්වභාවික විලක් ලෙස පැවති බව ඉතිහාසයේ සඳහන් වී තිබෙනවා.
මිහිඳු මහ රහතන්වහන්සේ පැන් සනහා ගැනීමට වැඩම කළ ස්ථානය ලෙසද හඳුනා ගනු ලබන්නේ මෙම විලයි. ක්‍රි.ව 7 වන සියවසේ පමණ පළමුවන අග්ගබෝධි රජු විසින් මෙම නාග චතුශ්ක විල, නාග පොකුණ නමින් පොකුණක් ලෙස නවීකරණය කරවා තිබෙනවා. දෛනික ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට අමතරව, මිහින්තලා කඳු වැටියේ පහළින් ඇති ආරාම සංකීර්ණ වලට, දාන ශාලවට හා සිංහ පොකුණට මෙයින් ජලය රැගෙන ගොස් ඇති බවට කැණීම් වලදී හමුවූ මැටි නළ සාක්‍ෂි සපයනවා.
මෙම පොකුණේ මැද පෙන පහක් ඇති විශාල ප්‍රමාණයේ නාග රූප කැටයමක් ඔබට පෙනෙනවා ඇති. නාග පොකුණට නම් ලැබීමට හේතුව ලෙස කැටයම් කොට ඇති මෙම නාග රූපය හේතු වන්නට ඇති බව පිළිගැනේ. වතුර රැඳෙන මූලාශ්‍ර ආශ්‍රිතව පෙන විහිදා සිටින නාග රූප කැටයම් කිරීම එකල හෙල සංස්කෘතියේ අංගයක් ලෙස පිළිගැනීමට පුලුවන්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
Map Image
17
16
05
02
04
15
09
03
07
06
10
01
08
13
11
12
14
ගෙදර ඉඳන්
මිහින්තලේ යන්න.
මිහින්තලා පුදබිමේ ඇති ඓතිහාසිකව වැදගත් ස්ථාන
මෙම සිතියමේ සළකුණු කොට ඇත. ඒ පිළිබඳ විස්තර
ඇතුලත් පසුබිම් කථනයට පහතින් පිවිසෙන්න.
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld