සන්නිපාත ශාලාව
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
විශාල පිරිසක් එක්රැස් වෙන ශාලාව යන අරුත ඇති සන්නිපාත ශාලාවයි ඔබ ඉදිරියෙන් දිස් වෙන්නේ. විහාර ආරාම සංකීර්ණයේ පරිපාලනය පිලිබඳ තීරණ ගැනීම ඇතුලු විහාරයට සම්බන්ධ සාකච්ඡා සඳහා වෙන් කෙරුනු ගොඩනැගිල්ල මෙම සන්නිපාත ශාලාවයි.
විවෘත ගොඩනගිල්ලක් ලෙස බිත්ති රහිතව සකස්කර තිබෙන මෙම ගොඩනැගිල්ලේ සතර දිශාවන්ට විවර වුනු දොරටු සතරක් අපට දක්නට හැකියි. කැටයම් රහිත, චාම් ශීර්ෂ වලින් යුත් ගල්කණු පේලි, තීරු හයක් වන සේ මෙහි පිහිටා තිබෙනවා. ඒවා මත ගොඩනැගුනු ලී පියස්සකින් මෙහි වහල සමන්විත වන්නට ඇති බවයි විද්වත්හු ප්‍රකාශ කරන්නේ.
ප්‍රධාන පිවිසුමේ පඩි මත පධර ලිපි කොටා තිබෙන්නේ ක්‍රිස්තු පූර්ව 1 වන සියවස සිට 6 වන සියවස දක්වා කාලයට අයත් වූ අපර බ්‍රාහ්මී අක්ෂර වලින්. පිවිසුමේ ඇති කොරවක් ගල සහ මුරගල් වල ඇති ප්‍රාථමික ලක්‍ෂණ, මෙම ගොඩනැගිල්ල ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව පසක් කර දෙනවා.මෙහි මධ්‍යයේ ඇති විශේෂ ආසනය, මහා විහාර නායක හිමියන් හට අසුන් ගැනීම සඳහා නිර්මාණය කර තිබූ බවත්, අනෙකුත් සංඝයා වහන්සේලා හා ගිහි ප්‍රධානීන් සමග විහාරයේ පරිපාලන සාකච්ඡා සිදු කලේ මෙම ආසනය මත වැඩසිටිමින් බවත් අපට පෙන ීයන කරුණක්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට