සේල චෛත්‍යය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ සිටින්නේ මේ පුදබිමේ ඉතාම වැදගත් වන්දනා ස්ථානයක් වන සේල චෛත්‍යය ඉදිරිපිටයි. කළුගල් පදනමක් සහිත පීඨීකාවක නිමවා ඇති හෙයින් “සෙල්” චෛත්‍යය ලෙස යෙදී පසුව සේල චෛත්‍යය වූ බව විද්වත් මතයයි. දේවානම් පියතිස්ස රජු, මිහිඳු මා හිමියන් සහ දූත පිරිවර සම්මුඛ වූ ස්ථානය මෙය බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි:පු: 2 වන සියවසේ ඉදි කලා යැයි සැලකෙන මෙය, බුදු පහසින් පවිත්‍ර වූ ස්ථානයක් බව පිලිගැනෙන නිසාම සොලොස්මස්ථාන වඳින ගාථාවේද ඇතුලත් කොට තිබෙනවා. ඝංඨාකාර හැඩයට නිර්මාණය වී ඇති සේල චෛත්‍යය කරවූ රජතුමා පිළිබඳ නිශ්චිත සඳහනක් නැත.
මෙම චෛත්‍යයේ ඇති අනික් සුවිශේෂ වැදගත්කම නම් ඒ වටා ඇති චේතියඝරයයි. මේ චේතියඝරය අවස්ථා කිහිපයකදී සංවර්ධනය වී ඇති අතර දැනට දක්නට ලැබෙන චේතියඝරය කනිට්ඨ තිස්ස රජු විසින් ඉදිකරන ලද බව පැවසෙනවා. මෙහි සිවු දිශාවන්ගෙන් ඇතුලු වීමට දොරටු හතරක් තිබෙන අතර කොරවක් ගල් සහ මුරගල් සහිත දොරටු ඉතා පැරණි කලා ලක්ෂණ පෙන්නුම් කරනවා.
චෛත්‍ය මළුව ක්‍රමයෙන් උසින් වැඩි වන ලෙසින් ස්ථර හතරකට පිහිටා තිබෙනවා. මෙහි කුලුණු පේලි දෙකක් දක්නට ලැබෙන අතර, අඩි අටට අඩු සහ අඩි අටට වැඩි ලෙස ඒවා බෙදා දැක්විය හැකියි. ශඩාශ්‍ර හැඩයෙන් යුතු මේවා අලංකාර කැටයමෙන් යුක්ත වන අතර, මෙහි පියස්ස ලී වලින් නිර්මිත්ව තිබූ බවට පිලිගතහැකි සාධක මේ ගල් කනු වල දැකිය හැකිවේ. මළුවේ එක් පසෙක ඔබට දක්නට ලැබෙන සිරිපතුලක් සහිත චන්ද්‍රකාන්ත පාෂාණය පිහිටුවා ඇත්තේ මිහිඳු මා හිමියන් දේවානම් පියතිස්ස රජු සම්මුඛ වූ ස්ථානය සිහිවීම පිනිසයි.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
Map Image
17
16
05
02
04
15
09
03
07
06
10
01
08
13
11
12
14
ගෙදර ඉඳන්
මිහින්තලේ යන්න.
මිහින්තලා පුදබිමේ ඇති ඓතිහාසිකව වැදගත් ස්ථාන
මෙම සිතියමේ සළකුණු කොට ඇත. ඒ පිළිබඳ විස්තර
ඇතුලත් පසුබිම් කථනයට පහතින් පිවිසෙන්න.
Watawala
Launched in 2002, Watawala Tea has grown to become the number one brand in Sri Lanka’s tea market.
contact
No.60, Dharmapala Mawatha, Colombo 03, Sri Lanka.
+94 011 4702 400
Watawala
Watawala
Watawala
Watawala
Watawala @2023. All rights reserved
Design and Developed by Wyld