පැරණි ධාතු මන්දිරය
මෙම ස්ථානය පිලිබදව සිංහල බසින් පහතින් ශ්‍රවනය කරන්න
ඔබ දකින මෙම මන්දිර පරිශ්‍රය මහල් දෙකක් එසේත් නැතිනම් තල දෙකක් වන සේ පිහිටුවා තිබෙනවා. රහතන් වන්සේලාගේ ධාතු නිදන් කර සෑදූ පූජා ස්තූප හයක් මෙම පරිශ්‍රයේ ඔබට දැකගන්න පුළුවන්. එයින් පහල මහලේ මෙවැනි ස්තූප දෙකක් පිහිටා තිබෙ නවා. ප්‍රධාන ධාතු මන්දිරය පිහිටි ඉහළ කොටසේ, අතීතයේ වන්දනාවට පැමිණි සැදැහැවතුන් වන්දනාවට පෙර පා දෝවනයට භාවිතා කළ “පාදෙන” ලෙස නම් වූ ජල බඳුන් තවමත් ඔබට දැකගන්න පුළුවන්.
ප්‍රධාන ධාතු මන්දිරය නිමවා ඇත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියට සමාන වන ලෙසයි. දඹදිව ජේතවනාරාමයේ රහතන් වහන්සේලා පිරිවරා ගෙන තථාගතයන් වහන්සේ වැඩසිටි ආකාරය සංකේතවත් කරමින්, සර්වඥ ධාතු ගෘහය මැදිකර ගෙන අරිහත් ධාතු නිදන් කර සැදූ ස්තූප සතර සිව් දෙසින් පිහිටා තිබෙනවා.ගර්භ ගෘහය ලෙස හඳුන්වන අභ්‍යයන්තර කොටස හා ඉන් ඉදිරියෙන් මන්ඩපය ලෙස හඳුන්වන ආලින්දමය කොටස ලෙස ධාතු මන්දිරය ප්‍රධාන කොටස් දෙකකට පිහිටා ඇති අයුරු බලන්න
ගර්භ ගෘහයේ ඇති ගල්කණු අඩි දහයකටත් වඩා උස බැවින් එය දෙමහල් පායක්ව පැවති බව විශ්වාස කරන්න පුළුවන්. ගර්භ ගෘහය තුල පිහිටි පද්ම පීඨය මත හිටි පිළිම වහන්සේ නමක් ව ැඩසිටින්නට ඇති බවක් පෙන්නුම් කරනවා.ඉහල මාලයට පිවිසෙන දොරටුව දෙපස ඇති පුවරු ලිපි දෙක පිහිටුවා තිඛෙන්නේ 4 වන මිහිඳු රජතුමා විසින්. මෙම ධාතු මන්දිරයේ නඩත්තු කටයුතු සහ මහා විහාරයේ පරිපාලන කටයුතු පිලිබද සවිස්තරාත්මක විග්‍රහයක්, පශ්චාත් බ්‍රාහ්මී අක්ෂර වලින් මෙම පුවරු දෙකෙහි දක්වා තිබෙන අයුරු ඔබට දැකගන්න පුළුවන්.
පෙර ලිපිය
ඊලග ලිපිය
සිතියම
ගවේෂණය කිරීමට
ගවේෂණය කිරීමට